Grade 9 Science Sinhala Medium
1 - ක්ෂ්ද්‍ර ජීවීන්ගේ භාවිත ( I කොටස ) ක්ෂුද්‍ර ජීවීන් #.ක්ෂුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියෙවි ඇසට පැහැදිලි ව නොපෙනෙන ජීවීන් වේ. #.පෘථිවිය මත වෙසෙන ජීවීන් අතරින් ඉතා පුළුල්ව ව්‍යාප්ත වූ සුලබතම ජීවී කාණ්ඩය වේ. #.ඉතා සරල ව්‍යුහයකි. #.වර්ධන හා ප්‍රජනන වේගය ඉතා ඉහළය. #.ඒකසෛලික මෙන් ම බහුසෛලික වේ. #.ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ 4කි. #.බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා ප්‍රොටොසොවා. #.වෛරස් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයකි. ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර හා උපස්තර #.පසෙහි, ජලයෙහි මෙන් ම වායුගෝලයේ 6km පමණ ඉහළට යන තෙක් ම ජීවී ලෝකය පැතිර පවතී. #.බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු හෙවත් ආන්තික පරිසර තත්ත්ව යටතේ ද ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති. ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් 1. ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් කෘෂි කර්මාන්තය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම * ජාන තාක්ෂණ ය භාවිතය #.බෝග ශාක වැඩි දියුණු කරයි. #.නියඟයට ඔරොත්තු දෙන රෝග හා පළිබෝධ හානිවලට ප්‍රතිරෝධී පෝෂ්‍ය ගුණය හා රසය වැඩි ශාක නිෂ්පාදනයට යොදා ගැනේ. #.ජෛව පළිබෝධනාශක ලෙස වල් පැළෑටි විනාශ කිරීමට ද ක්ෂුද්‍ර...