Grade 9 Science Sinhala Medium

 1 - ක්ෂ්ද්‍ර ජීවීන්ගේ භාවිත ( I කොටස )


ක්ෂුද්‍ර ජීවීන්

#.ක්ෂුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති පියෙවි ඇසට පැහැදිලි ව නොපෙනෙන ජීවීන් වේ.

#.පෘථිවිය මත වෙසෙන ජීවීන් අතරින් ඉතා පුළුල්ව ව්‍යාප්ත වූ සුලබතම ජීවී කාණ්ඩය වේ.

#.ඉතා සරල ව්‍යුහයකි.

#.වර්ධන හා ප්‍රජනන වේගය ඉතා ඉහළය.

#.ඒකසෛලික මෙන් ම බහුසෛලික වේ.

#.ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ 4කි.

#.බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා ප්‍රොටොසොවා.

#.වෛරස් ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයකි.



ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන පරිසර හා උපස්තර

#.පසෙහි, ජලයෙහි මෙන් ම වායුගෝලයේ 6km පමණ ඉහළට යන තෙක් ම ජීවී ලෝකය පැතිර පවතී.

#.බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු හෙවත් ආන්තික පරිසර තත්ත්ව යටතේ ද ක්ෂුද්‍ර ජීවීහු ජීවත් වෙති.


ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම්


1. ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්

කෘෂි කර්මාන්තය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම

* ජාන තාක්ෂණ ය භාවිතය

#.බෝග ශාක වැඩි දියුණු කරයි.

#.නියඟයට ඔරොත්තු දෙන රෝග හා පළිබෝධ හානිවලට ප්‍රතිරෝධී පෝෂ්‍ය ගුණය හා රසය වැඩි ශාක     නිෂ්පාදනයට යොදා ගැනේ.

#.ජෛව පළිබෝධනාශක ලෙස වල් පැළෑටි විනාශ කිරීමට ද ක්ෂුද්‍ර ජීවීන් භාවිත කෙරේ.

නිදසුන් :-  Erwinia uredovara බැක්ටීරියාවගේ ජාන මඟින් විටමින් A අඩංගු කර පෝෂණ ගුණය ඉහළ රන්වන්                  සහල් නිපදවයි.

                 ඉරිඟු ශාකවලට Bacillus thuringiensis අඩංගු ජාන බද්ධයෙන් පළිබෝධයන්ට විෂ් රසායනයක්                        නිපද වේ.

 *.නයිට්‍රජන් තිර කිරීම

#.වායු ගෝලයෙන් 78%ක පමණ ප්‍රතිශතයක් අඩංගු වන්නේ නයිට්‍රජන් වායුවයි.

#.බෝංචි, මෑ, දඹල වැනි රනිල කුලයේ ශාකවල් මූල ගැටිති තුළ වෙසෙන රයිසෝබියම් බැක්ටීරියාවට       වායුගෝලීය නයිට්‍රජන් සෘජුව ලබා ගත හැකි ය. මෙම ක්‍රියාවලිය නයිට්‍රජන් තිර කිරීම ලෙස හැඳින් වේ.

#.මෙම නිසා රනිල ශාකවල අස්වැන්න වැඩි කිරීමට වාණිජ වශයෙන් නිපදවන රයිසෝබියම් බැක්ටීරියාව     බිම්වලට එකතු කෙරේ.

#.නයිට්‍රජන් තිර කිරීමට දායක වන, පසෙහි ස්වාධීන ව වෙසෙන ඇසටොබැක්ටර් ( Azotobacter ) වැනි වගා     බිම්වල්ට සෘජුවම එකතු කෙරේ. මේවා ජෛව පොහොර ලෙස හැඳින් වේ.


*.කොම්පෝස්ට් සෑදීම

#.ක්ෂුද්‍ර ජීවීන් මඟින් කාබනික ද්‍රව්‍ය වියෝජනය වේගවත් කර කොම්පෝස්ට් නිපදවයි.

#.කොම්පෝස්ට් මඟින් පසට ක්‍රමනුකූලව ඛනිජ ලබා දී ශාක් වැඩීමට යෝග්‍ය තත්ත්වයක් ඇති කරයි.

#.කොම්පෝස්ට්වල අඩංගු කාබනික ද්‍රව්‍ය බොහෝ විට වියෝජනය කරනුයේ දිලීර හා බැක්ටීරියා යන ක්ෂුද්‍ර ජීවී     කාණ්ඩ මඟිනි.


*.ජෛව පළිබෝධනාශක ලෙස භාවිතා කිරීම

#.බෝග වගාවට හානි කරන කෘමි පළීබෝධයින් මර්දනය සඳහා ජෛව පළිබෝධනාශක ලෙස ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් යොදා ගත හැකි ය.

නිදසුන් :- සැල්වීනියා නම් ජලජ වල් පැළෑටිය විනාශ කිරීමට Alternaria නම් දිලීරය භාවිතා කරයි.


වෛද්‍ය විද්‍යාවේ දී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත


* ප්‍රතිජීවක නිපදවීම

#.එක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපදවී වෙනෙත් ක්ෂුද්‍ර ජීවියෙකු විනශ කිරීමට හෝ අඩපණ කිරීමට     යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රතිජීවක ලෙස හැඳින්වේ.

#.ප්‍රතිජීවක නිපදවීමට දිලීර සහ බැක්ටීරියා යන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ යොදා ගනී.

#.ප්‍රතිජීවක මඟින් වෛරස විනාශ කළ නො හැකි ය.

#.ප්‍රතිජීවක වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිතයෙන් අතුරු ආභාධ ඇති විය හැකිය.

#.බැක්ටීරියා - පෙනිසිලින්, ඇමොක්සිලීන්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින්

#.දිලීර - ග්‍රීසියොෆුල්වීන්


*.ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම

#.අඩපණ කරන ලද හෝ මියගිය ක්ෂුද්‍ර ජීවීන් හෝ ක්ෂුද්‍ර ජීවීන් නිපදවන විෂ ද්‍රව්‍ය හෝ ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස භාවිතා කරයි.

@.අඩපණ කරන ලද ක්ෂුද්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිතය.

                                         :- පෝලියෝ, ක්ෂය රෝගය, සරම්ප වැනි රෝග සඳහා

@.මියගිය ක්ෂුද්‍ර ජීවීන් එන්නත් ලෙස භාවිතය

                                         :- කොළරාව, ඉන්ෆ්ලුවන්සාව, ටයිෆොයිඩ් උණ වැනි රෝග සඳහා

@.විෂහරණය කරන ලද ධූලක එන්නත් ලෙස භාවිතය

                                         :- පිටගැස්ම, ගලපටලය වැනි රෝග සඳහා

@.ක්ෂුද්‍ර ජීවී දේහ කොටස් භාවිත කර ජාන් ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවන එන්නත්

                                         :- හෙපටයිට්ස් B සඳහා දෙනු ලබන එන්නත


*.ප්‍රතිධූලක නිපදවීම

#.ධූලක යනු ව්‍යාධිජනක බැක්ටීරියා මඟින් නිපදවන ධාරකයාගේ ක්‍රියාකාරීත්වයට හානි පමුණු වන ජෛව     රසායනික ද්‍රව්‍ය වේ.

#.ධූලක විෂහණය කර ප්‍රතිධූලක ලෙස භාවිතා කෙරේ.

නිදසුන් :- පිටගැස්ම එන්නත


කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම

ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් විවිධ කර්මාන්ත සඳහා භාවිත කිරීම කාර්මික ක්ෂුද්‍ර ජීවී විද්‍යාව ලෙස හැඳින් වේ.

පහත සඳහන් සුළු පරිමාණ හා මහා පරිමාණ කර්මාන්ත සඳ්හා ක්ෂුද්‍ර ජීවීන් බහුලව භාවිතා කෙරේ.

      @.කිරි ආශ්‍රිත නිෂ්පාදන ( යෝගට්,මුදවන ලද කිරි, චීස්, බටර් )

      @.ජීවවායු නිපදවීම

      @.ලෝහ නිස්සාරණය

      @.ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන

      @.මද්‍යසාර නිපදවීම

      @.විනාකිරි නිෂ්පාදනය

      @.බේකරි කර්මාන්තය


ජීව වායු නිපදවීම

#.ගොම,පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය හා ජලය අඩංගු මිශ්‍රණයක් ජීවවායුව නිෂ්පාදනය කිරීමට භාවිත කරයි.

#.කාබනික උපස්තර මත Methanococcus වැනි නිර්වායු බැක්ටීරියා ක්‍රියාකර ජීවවායු නිපදවයි.

#.ප්‍රධාන වශයෙන් මෙතේන් වායුව අඩංගු වන අතර බලශක්ති ප්‍රභවයක් ලෙස ද භාවිත කළ හැකිය.


ලෝහ නිස්සාරණය

#.ලෝපස්වලින් අදාළ ලෝහ නිස්සාරණයට ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම ජෛව ක්ෂීරණය ලෙස හැඳින් වේ.

#.තඹ, යුරේනියම් එලෙස නිස්සාරණය කරන ලෝහ වර්ග 2කි.


කිරි ආශ්‍රිත නිෂ්පාදන

#.



#.එළකිරි සාම්පලය රත් කිරීමේ දී එහි අඩංගු අහිතකර බැක්ටීරීයා විනශ වේ.

#.Lactobacillus සහ Streptococcus බැක්ටීරියා විශේෂ යෝගට් නිෂ්පාදනයේ දී මුහුම් ලෙස යොදා ගනී.

#.මේවායින් කිරිවල ඇති ලැක්ටෝස් නම් කාබෝහයිඩ්‍රේට වර්ගය ලැක්ටික් අම්ලය බවට පත් කරයි.

#.ආම්ලික මාධ්‍යක් පැවතීම නිසා වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය වීම අඩාල වී යෝගට් පරිරක්ෂණය වේ.

#.ශීතකරණයේ තැබීමෙන් සිදුවන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩාල වේ.


*.ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන

#.ශාක කෙඳි මඟින් සිදු කරන නිෂ්පාදනයන්හි දී කෙඳි වෙන් කර ගැනීමට බැක්ටීරියා යොදාගනී.

#.කෙඳි ලබා ගැනීමට භාවිත කරනුයේ පොල්, හණ, තල්, ගෝනිගස් වැනි ශාක වේ.

#.මෙම කෙඳි එකිනෙකට බැඳී තිබෙනුයේ ඒ අතර තිබෙන පෙක්ටේට් නම් සං‍යෝගය මඟිනි.

#.අදාළ බැක්ටීරියාව නිපදවන පෙක්ටිනේස් එන්සයිමය මඟින් පෙක්ටේට් ජීරණය වී කෙඳි වෙන් වේ.


පරිසර සං‍රක්ෂණ කටයුතු සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම.

#.පරිසර දූෂණය අවම කිරීමට එනම් පරිසර සං‍රක්ෂණ කටයුතුවල දී ද ක්ෂුද්‍ර යොදා ගනී.

#.ජෛව ප්‍රතිකර්මණය යනු පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනෙන තාක්ෂණයයි.

#.ජෛව ප්‍රතිකර්මණය භාවිත කරන අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

  @.දූෂිත ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කිරීම.මෙහි දී ක්ෂුද්‍ර ජීවීන් ජලයේ  ඇති අපද්‍රව්‍ය වියෝජනය කෙරේ.

  @.සාගර ජලය මත විසිරී යන තෙල් වියෝජනය කිරීම. මෙහි දී Pseudomonas බැක්ටීරියා ප්‍රභේද සාගර ජලය මත විසුරුවා හරිනු ලැබේ. ඔවුන් නිකුත් කරන එන්සයිම තෙල්වල ඇති හයිඩ්‍රොකාබන වියෝජනය කරයි.

  @.විවිධ කර්මාන්තවල දී ක්‍රෝමියම්, ඊයම්, රසදිය වැනි බැරලෝහ පරිසරයට මුදා හැරේ. එවැනි විෂ ලෝහ අඩංගු දූෂිත ජලයෙන් එම ලෝහ ඉවත් කිරීමට බැක්ටීරියා අඩංගු කුළුණු තුළින් දූෂිත ජලය යවනු ලැබේ.

  @.බැක්ටීරියා මඟින් දිරාපත් වන ප්ලාස්ටික් හෙවත් ජෛව හායනය වන ප්ලාස්ටික් නිපදවීම සිදු කරයි.

#.ඉහත සඳහන් කරන ලද ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්වලට ක්ෂුද්‍ර ජීවීන් භාවිතයට හේතු පහත දැක් වේ.

  @.ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය හා පරිවෘත්තිය ශීඝ්‍රතාව ඉහළ නිසා ඔවුන්ගේ ජෛව් ක්‍රියාවලි ඉතා වේගවත්ව සිදුවීම.

  @.විවිධ උපස්තර මත ගුණනය හා ක්‍රියා කිරීමේ හැකියාව ඇති විවිධ ක්ෂුද්‍ර ජීවී මාදිලි පැවතීම.

  @.ක්ෂුද්‍ර ජීවීන් තුළ ඉතා සරල ප්‍රවේණික ද්‍රව්‍ය පවතින බැවින් ජාන හැසිරවීමේ තාක්ෂණයට පහසුවෙන් යොදා ගත හැකි වීම. එබැවින් නූතන ජාන ඉංජිනේරු විද්‍යාවට ක්ෂුද්‍ර ජීවීන් බහුලව යොදා ගැනේ.

  @.ක්ෂුද්‍ර ජීවීන් බොහොමයක් ඉතා අඩු මුදලකට හෝ පරිසරයෙන් නොමිලේ ම හෝ ලබා ගත හැකි වීම්.

  @.මහා පරිමාණ කර්මාන්ත සඳහා බල ශක්තිය විශාල වශයෙන් අවශ්‍ය වුව ද ක්ෂුද්‍ර ජීවී කර්මාන්ත සඳහා බල ශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය නොවීම.

  @.කර්මාන්ත මඟින් අධික පරිසර දූෂණයක් මෙන් ම විශාල පරිසර හානියක් ද සිදු වේ. නමුත් ක්ෂුද්‍ර ජීවීන් ඇසුරෙන් සිදු කරන කර්මාන්ත මඟින් සිදු වන පරිසර හානිය අවම වීම.


2. ක්ෂුද්‍ර ජීවීන්ගේ අහිතකර බලපෑම්


ක්ෂුද්‍ර ජීවීන් මඟින් රෝග ඇති කිරීම

#.බැක්ටීරියා, වෛරස, දිලීර හා ප්‍රොටොසොවාවන් රෝග ඇති කිරීමට දායක වන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ වේ.

#.රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් ව්‍යාධිජනකයින් ලෙස හැඳින්වේ.

#.ව්‍යාධිජන්කයා ධාරකයා වෙත සම්ප්‍රේෂණයට දායක වන මදුරුවන්, මැස්සන් වැනි ජීවීන් වාහකයන් ලෙස හැඳින් වේ.

#. තම දේහය මත හෝ දේහය තුළ ව්‍යාධිජනකයාට ජීවත් වීමට උපස්තරයක් සපයන ජීවීන් ධාරකයන් ලෙස හැඳින් වේ.


*.ක්ෂුද්‍ර ජීවීන් මඟින් මිනිසාට ඇති වන රෝග

#.වාතය, ජලය, ආහාර, ස්පර්ශය සහ වාහකයන් මඟින් ක්ෂුද්‍ර ජිවී ආසාදන පැතිර යයි.

#.ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීහු විවිධ ක්‍රම මඟින් මිනිසාට ආසාදන ඇති කරයි.

#.



!. ඩෙංගු රෝගය බෝ කරන වාහක මදුරුවන්ගේ කීට අවධි විනාශ කිරීම සඳහා ජෛව පාලන ක්‍රමයක් ලෙස     Bacillus thuringiensis නම් බැක්ටීරියාවක් භාවිතා කරයි.

*.ක්ෂුද්‍ර ජීවීන් මඟින් ශාකවලට වැළඳෙන රෝග 

#.පිටිපුස් රෝගය

 @. දිලීර ආසාදනයක් නිසා හට ගනී.
 @.ශාකවල පත්‍ර, කඳ, පුෂ්ප, සහ ඵල තුළ මෙම රෝගය පැතිර පවතී.
 @.ආසදිත ශාක කොටස් මත සුදු හෝ අළු පැහැති පුයර වැනි කුඩු පවතී.
 @.මෙයි සමස්ත ශාකයේ සෑම කොටසකට ම හානි ඇති කරයි.

#.පශ්චිම අංගමාරය

 @.මෙය ද දිලීර අසාදනයක් නිසා හට ගනී.
 @.අර්තාපල් ශාකය සුලබව ගොදුරු වේ.
 @.ශාක පත්‍ර මත දුඹුරු පැහැ ලප ඇති වී පසුව එම ලප කළු පැහැයට හැරේ.
 @.අන්තුරුව මුළු ශාකයට ම ආසාදනය පැතිර යයි.

#.මැලවීම

 @.දිලීර හෝ බැක්ටීරියා මඟින් ආසාදනය වීම නිසා හට ගනී.
 @.මෙම ක්ෂුද්‍ර ජීවීන් මඟින් ශෛලම වාහිනී ආසාදනය වීම නිසා ශාක්‍ය තුළ ජලය නිසි පරිදි පරිවහනය නොවේ.
 @.එවිට ශාකය මැලවී යයි.


*.ක්ෂුද්‍ර ජීවීන් මඟින් ආහාර නරක් වීම

#.ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට හිතකර වන සාධක පැවතීම නිසා ක්ෂුද්‍ර ජීවීන් ආහාරය මත වර්ධනය වීම හා ගුණනය වීම සිදු වේ. 

#.ක්ෂුද්‍ර ජීවියෙකු ආහාරයේ අඩංගු සංඝටක වෙනත් අහිතකර ද්‍රව්‍ය බවට පත් කිරීම හෝ ආහාර මතට ධූලක එකතු කීරීම හෝ සිදු කිරීම නිසා එවිට ආහාරයේ සිදු වන භෞතික හා රසායනික විපර්යාස නිසා එම ආහාරය  පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වීමේ ක්‍රියාවලිය ආහාර නරක් වීම ලෙස හැඳින් වේ.

@.කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර පැසීම මඟින් ද
@.ප්‍රෝටීන් අඩංගු ආහාර පූතීභවනය මඟින් ද
@.ලිපිඩ අඩංගු ආහාර මුඩු වීම මඟින් ද                       නුසුදුසු තත්ත්වයට පත් වේ.



*.ජෛව රසායනික අවි ලෙස ක්ෂුද්‍ර ජීවීන් යොදා ගැනීම

#.යුධ කටයුතුවල දී ක්ෂුද්‍ර ජීවීන් නිපදවන විෂ් ධූලක හෝ ප්‍රබල ව්‍යාධිජනක බැක්ටීරියා හෝ දිලීර වැනි ක්ෂුද්‍ර   ජීවීන් හෝ ජෛව රසායනික අවි ලෙස භාවිතා කරයි.

#.ඇන්ත්‍රක්ස් රෝගය සාදන ඇන්ත්‍රක්ස් බැක්ටීරියාව නූතනයේ භාවිතා කරන අති දරුණුතම ජෛව රසායනික අවියක් ලෙස හැඳින්විය හැකිය

#.ජෛව රසායනික අවි මිනිසාට, වෙනත් සතුන්ට මෙන් ම ශාකවලට ද හානිදායක ය.



සාරාංශය





Comments

Popular posts from this blog