සාදරයෙන් පිළිගනිමු.
05 පාඩම - අම්ල හා භස්ම
විද්‍යාව
7 ශ්‍රේණිය
අම්ල
පලතුරු තුළ විවිධ රසායනික සංයෝග අඩංගු බව ඔබ දන්නවාද? දොඩම් , නාරං , සියඔලා , අන්නසි වැනි බොහෝ පලතුරු ඇඹුල් රසයක් ඇති පලතුරු වේ. එම පලතුරු අම්ල ලෙස හැදින්වෙන රසයනික ද්‍රව්‍යයක් ඒවා තුළ අන්තර්ගත වීමයි.
භස්ම
මී මැස්සෙකු දෂ්ට කළ විට ආප්ප සෝඩා ආලේප කරයි.ආමාශයේ ඇති වන ගෑස්ට්‍රයිටිස් හෙවත් බඩේ දැවිල්ලට මිල්ක් ඔෆ් මැග්නීසියා පෙති විකා ගිලියි.අම්ල නිසා ඇති වන අහිතකර තත්වය සාමාන්‍ය කිරීමට හුනු,ආප්ප සෝඩා,මිල්ක් ඔෆ් මැග්නීසියා යොදා ගනී.ඒවා තුළ අඩංගු භස්ම ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍ය නිසාය.එහි ස්වභාවය ලිස්සන සුළුය.
ලිට්මස් වර්ග
නිල් ලිට්මස්
රතු ලිට්මස්
ලිට්මස්වල ක්‍රියාකාරිත්වය
1.අම්ල
මගින් නිල් ලිට්මස්වල වර්ණය රතු පැහැයට හරවන බවත් , රතු ලිට්මස් වර්ණය වෙනස්
නොවේ.
2.භස්ම
මගින් රතු ලිට්මස්වල වර්ණය නිල් පැහැයට හරවන බවත්, නිල් ලිට්මස්වල වර්ණය වෙනස්
නොවේ.
3.උදාසීන
ද්‍රව්‍ය සමඟ වර්ණ වෙනස් නොවේ.
විද්‍යගාරයේ භාවිත වන අම්ල
සල්ෆියුලික් අම්ලය
නයිට්‍රික් අම්ලය
හයිඩ්රොක්ලෝරික් අම්ලය
විද්යාගාරයේ භාවිත වන භස්ම
සෝඩියම් හයිඩ්රොක්සයිඩ්
ලිට්මස්වලට අමතරව අම්ල , භස්ම හා උඩාසීන ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා පහත ද්‍රව්‍ය භවිත කළ හැකිය.
PH කඩදාසි
ෆිනොප්තැලීන් කුඩු
මිතයිල් ඔරේන්ජ් කුඩු
සාරංශය
👌👌👍👍 Super
ReplyDelete